වෙල් යායකින් වටවු සුන්දර ගම්මානයක පිහිටි ඉතාමනරම් පාසලක් ලෙස ත්‍රි/කන්/රඡඅැල විද්‍යාලය හැදින්විය හැකිය.
වර්ෂ 1954 මැයි මස 03 වැනි දින යුනිට් 05,රඡඅැල ගම්මානෙය්, රඡඅැල ප්‍රදේශ යෙ ආරම්භ විය. පාසලේ මුල්ම විහල්පති වූයේ ඩී. සෝමදාස ලියනෙග් මහතාය.
පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස ඩීගඡිනදාස සිසුවා පාසෙල් මුල්ම සිසුවා වන අතර ක්‍රමෙයන් සිසුන් වැඩිවීමත් සමග පාසල 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති සදහා පාසල් ප්‍රධාන ගොඩනැගිල්ල සෑදීම ආරම්භ විය. ඒලිමහන් පන්ති වල ඉගැන්වීම් කටයුුතු සිදුවිය. ඉක්මන් ක්‍රමයෙන් ළමයින්ෙග සාමාන්‍යපෙල ප්‍රතිපල වැඩිවිමත් සමග උසස්පෙල පන්ති සදහා ද පන්තියක් අාරම්භ විය.

සිසුන් ප්‍රමාණය වර්ෂ 2005වන විට 500 ඉක්මවන ලදි. ඒ අනුව තව ගොඩනැගිල්ලක
අවශ්‍යතාවය දැනුනු අතරඉක්මනින් නව ගොඩනැගිලි 02ක් ඉදිකරන ලදි.
ත්‍රී/කන්/අග්‍රබෝධි විද්‍යාල හා මද්‍ය මහා විද්‍යාලය අාරම්භ වීමත් සමග නගරයේ පාසල් වලට
අැදුනි. ක්‍රමයෙන් ළමයින් ප්‍රමාණය 200දක්වා අඩු වූ අතර 1සිට 11 වසර දක්වා පාසල තුල ඉගැන්වීමි කටයුතු සිදුකරනු ලැබේ.
විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ,ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 14ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 15කින් සමන්විතය. එක්දහස් පන්සියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී.
|
ආරම්භ කළ වර්ෂය |
1954 මැයි 03 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
04 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
08 |
|
මුල් විහල්පතිගේ නම |
ඩී. සෝමදාස ලියනෙග් |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
රඡඇල මහා විද්‍යාලය |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කන්තලේ,රඡඇල ගම්මානයේ පැරණි පාසල් ගොඩනැගිල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඩී.ඡිනදාස |